FOB-C&F/CFR-CIF-මොනවද මේ ඉන්කො ටර්ම්ස්-What is INCOTERMS

ඔයාල ආනයන අපණයන ගැන කතාකරනකොට මුලින්ම දැනගන්න ඕන දෙයක් තමා මේ ඉන්කො ටර්ම්ස් කියල කියන්නෙ. ඉන්කො ටර්ම්ස් කියල කියන්නෙ ආනයනයකදි (ආනයනය කියන්නෙ අනිත්පැත්තෙ කෙනාගෙ අපණයනයම තමා ) භාන්ඩයක මිල සඳහන් කරන ක්‍රමය සරලවම කියනව නම්.

උදාහරනයක් හැටියට හිතන්න ඔයා භාන්ඩයක් ආනයනය කරනව කියල චයින වල ශැන්හායි පොර්ට් එකෙන්. එතකොට ඔයා භාන්ඩයෙ මිල ඇහුවම එෆ් ඕ බී (ෆ්‍රී ඔන් බෝර්ඩ්) (FOB) මිල කියල $1000 කිව්වොත් ඒ කියන්නෙ FOB $1000 Shanghai, මේ කියන්නෙ භාන්ඩය ශැන්හායි පොර්ට් එකේ නැවට පටවන තෙක් සියලුම දේ සඳහා මිල කියන එකයි.

එතකොට හිතන්න සී අන්ඩ් එෆ් (C&F) or (CFR) මිල $1200 කිව්ව කියල ඒ කියන්නෙ C&F $1200 Colombo. ඒ කියන්නෙ කොස්ට් අන්ඩ් ෆ්‍රේට් සහිතව මිල කියන එකයි. ඒ කියන්නෙ කොලඹ පොර්ට් එකට ගේන්න යන ශිපින්ග් එකත් මිලට එකතු කරල කියන එකයි.

එතකොට හිතන්න සී අයි එෆ් (CIF) මිල $1250 කිව්ව කියල, ඒ කියන්නෙ CIF $1250 Colombo ඒ කියන්නෙ කොස්ට්, ෆ්‍රේට් සහ ඉන්සුරන්ස් ඔක්කොම එක්ක මිල කියන එකයි.

එතකොට එකස් වර්ක් (ex work) කියන්නෙ මොකද්ද? ඒ කියන්නෙ සැපයුම් කරුගෙ ෆැක්ටරියෙ හෝ ගබඩාවෙන් දෙන මිල. ඉතින් ඒක කොහොමද එෆ් ඕ බී (FOB) එකෙන් වෙනස් වෙන්නෙ?? ඇයි ඉතින් නැවට ගෙනත් පටවන්න යන ප්‍රවාහනය, සමහරවිට නැවට පටවන්න අවශ්‍ය විදියට ඇසුරුම්කරනය... මෙන්න මේ වෙනස තමයි.

ඉතින් මෙන්න මේ වගෙ ගොඩක් ඉන්කො ටර්ම්ස් INCOTERMS (ඉන්ටර්නැශනල් කොමර්ශියල් ටර්ම්ස්) තියෙනව. නමුත් ගොඩක් භාවිතා වෙන ඒව තමයි .

ඉතින් ඔයා ලංකාවෙ අපනයන කරුවෙක් නම් ඊලඟ පාර මිල කියද්දි එක්ස් වර්ක් ද. එෆ් ඕ බී ද, සී අන්ඩ් එෆ් ද නැත්නම් සී අයි එෆ් ද කියන එක හරියටම කියන්න මතක තියා ගන්න.

ප්‍රශ්න තියෙනව නම් කමෙන්ට් කරන්න. https://silkports.com

What are Incotierms What are Incotierms