මී මැස්සන් පානය කර ගෙන එනු ලබන මී පැණි මී වදයන්හි ඉහල කොටසේ ෂඩශ්‍රාකාර කුටීර තුල වමාරා තැන්පත් කිරීමෙන් පසු නේවාසික බිගුන් පවන් සැලීම නිසා ජල ප්‍රතිශතය ශේෂ වීමත් සමග අංග සම්පුර්ණ මී පැණි බවට පත්වේ.

ජලය ඉවත් කල මී පැණි ඉටි පියස්සකින් වසා දමන අතර එම වසා දැමු පැණි මේරු පැණි ලෙසත් ඉටි පියස්සකින්  වසා  නොදැමු පැණි නොමේරු පැණි ලෙසත් හදුනා ගෙන ඇත.

මී මැස්සන් පුෂ්ප මත ගැවසිමේදී සිරුර වටා එකතු වන පරාග පසුපස පාදයන්හි ඇති පසුම්බි වල රදවා රැගෙන එන අතර ඉහල කොටසට පහලින් ඇති  ෂඩශ්‍රාකාර කුටීරයන් තුල ප්‍රවේශමෙන් තැන්පත් කර ඇති අතර මී දඩයක්කරුවන්ට පරාග පිලිබදව අවබෝධයක් නොමැති නිසා මේවා පැණි හකුරු ලෙස හදුන්වති.දඩයක්කරුවෝ පරාග කොටසද මිරිකා මි පැණි අස්වැන්නට එකතු කරති. 

මී  වදයේ ඉහල කොටසේ පැණි ද මධ්‍යයෙහි පරාග ද පහල කොටසේ බිත්තර සහ කීට මෙන්ම පිලවුන්ද වාසය කරති.රැජින දමන බිත්තරයක් දින 3 1/2 න් පුපුරා කීටයෙකු උපදින අතර කීටයා පිලවකු වන අවස්ථාවේදී පිලවා ජිවත්වන ෂඩශ්‍රාකාර සිදුරද ඉටි පියස්සකින් වසා දමනු ලැබේ.

පැණි සහ පිලවුන්ද ජිවත්වන කුටීර වසා දැමු විට පෙනුම එක සමාන බැවින් දඩයක්කරුවෝ මි පැණි ලෙස සලකා කීටයන් සිටින කොටසද මිරිකීමට භාජනය කරති.  

මිරිකීමට භාජනය වූ කිටයන්ගේ ඕජස් අතුනුබහන් කොටස් හා මලපහ මිශ්‍ර වී අපිරිසිදු බෝතල් වල අසුරා වෙලදපොලේ ගොඩගසා ඇත.පෙර සදහන් කල පරිදි පැණි කොටස කපාගත් පසුව පහලින් සිටින දහස් ගණනක් වූ කිටයීන්ට නියත මරණය හිමි වේ.මේ අවාසනාවන්ත තත්වය මත මී පැණි එක්  රැස් කිරීම මී දඩයම නමින් හැදින්වේ.

මී මැස්සන් මිහිතලයෙන් වද  වී ගිය හොත් මිනිසුන්ට ජිවත් වීමට සිදු වන්නේ වසර 4ක් වැනි කෙටි කාලයක් පමණි.මී මැස්සන් විනාශ නොකර මී පැණි අස්වැන්න නෙලා ගැනීම පිලිබදව අවුරුදු දහස් ගණනාවක් පුරා සිදු වූ අධ්‍යනයන්ගේ සාඩම්බර ප්‍රතිඵලයක් ලෙස වර්ෂ 1951දී  ඇමරිකාවේ ජිවත් වූ ලොරෙන්සෝ ලොරේන් නමැති පුජක වරයා විසින් බිගු පරතරය නොහොත් වද රාමු ක්‍රමය එනම් ගෘහස්තව නවීන තාක්ෂණයෙන් හෙබි දැවමය පෙට්ටි තුල මී මැස්සන් පෝෂණය කිරීම සොයා ගන්න ලදී.

ස්වභාවික පරිසරයේ පිහිටි වදයක ගනකම හා වැඩ දෙකක් අතර ඇති එක සමාන නියත දිග පළල විශ්ලේෂණයට භාජනය කිරීමෙන් ලී රාමු ක්‍රමය හදුන්වා දුන් අතර එකම පෙට්ටිය පිලා සහ පැණි ලෙස කොටස් දෙකකට බෙදා ඇත.

ඉහල පිහිටි පිලා පෙට්ටියේ ලී රාමු වල බදින වදයන්හි බිත්තර කීට සහ පිලා අවදීන් පමණක් සංයුක්ත අතර ඉහල කුඩා රාමු වල පැණි වද බැදීම පමණක් සිදු කරති.
ඉතා පැහැදිලිව සදහන් කරනවානම් පිලවුන් සදහා පිලා පෙට්ටියක් නිර්මාණය කර ඇති අතර ඕනෑම අවස්තාවක කීටයන් නොමරා මී පැණි අස්වැන්න පමණක් නෙලා ගැනීමේ හැකියාව ඇත.

මෙම පැණි ගුණාත්මක භාවයෙන් මෙන්ම පිරිසිදුකමෙන්ද ඉතා ඉහල අතර මුළුමහත් ලෝකයාම වර්තමානයේදී මී දඩයමෙන් වෙන් වී මී මැසි පාලනය කරා යොමු වෙමින් පවතී.
මී මැසි පාලනයට ප්‍රවේශ වීමෙන්

  • මී මැස්සන් ඝාතනය නොවේ
  • සරුසාර පනී අස්වැන්නක් ලබා ගැනීමට හැකියාවක් පවතී
  • මී පැණි ප්‍රමිතියෙන් හා පිරිසිදුකමෙන් උසස් වේ
  • නව ජනපද බෝ කර ගැනීමේ හැකියාවක් පවතී.

මෙවැනි වාසිදායක කොන්දේසි මත මී මැසි පාලනය බොහෝ රටවල් වල විධිමත් කර්මාන්තයක් දක්වා සංවර්ධනය වී ඇත.ලෝකයේ විශාලතම මී පැණි නිෂ්පාදකයා මහජන චීන සමුහාණ්ඩුව වන අතර ඔස්ට්‍රේලියාව තුර්කිය ඇමරිකාව යන රටවල් මී මැසි පාලනය අතින් ඉදිරියෙන්ම සිටියි.